අටුව

Thursday, June 11, 2015

රටකජු

මඟ දෙපස වීදුරු පෙට්ටි තුල එක පොදියට මිරිකෙමින් ඉඟි කරන බැල්මවල් මා මඟහැර යන්නේ අසීරුවෙනි . විටෙක පෙට්ටි කඩයක යකඩ  තාච්චුවක දුම් දමමින් බැදෙන සුවඳට  මටත් නොදැනීම කටට කෙල උනයි .මඟහැර යන්නේ ගන්නට හැකියාවක් නැති නිසා නොවේ .කෙල උනන්නේ කන්නට අසවෙන්මත් නොවේ ."රටකජු ",ඇටයෙන් ඇටය කන්නට ,හෙමිහිට හපන්නට මට ඇත්තේ ලොභකමකි .ඊටත් වඩා නොඉවසිල්ලකි..ඒත් ඒ  සියල්ල එක බලසිටීමක් අභියස නතරව බලාසිටි.ඒ  නුඹ නොමැති නිසාවෙනි .විටෙක ඒවායේ රස අරන් යන්නට නුඹ  ගියානම් කන්නට මට තිබු ආසවද  රැගෙන නොගියේ මන්දැයි අසන්නට සිතේ .බොහෝ පාලු සන්දවල්වල ජනාකීර්ණ වීදිවල දුම් දමන රටකජු සුවඳට ඉව අල්ලන්නට මා පුරුදුවී ඇතත් එක ඇටයක්වත් ගෙන කට්ට් දමා ගන්නට තරම් දිරියක් තවමත් මා තුල නොමැත .ඒ තවමත් කවදා  හෝ රටකජු සපමින් ඇවිද යන්නට නුඹ එනු ඇතැයි සිතේ ඇති අහිංසක  බලාපොරොත්තුව නිසාද නැතහොත් නුඹ නොමැතිව රටකජු කෑමට මා වෛර කරන නිසදැයි කියන්නට මා දන්නේ නැත ..ඉතින් මම නුඹ එනතුරු බලා සි 
ටී ." රටකජු " මම එනතුරු බල සිටී .....................!!!     

      -සදුනිකා නුවන්දි රත්නායක-

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...