අටුව

Saturday, August 22, 2015

රිම් මහත්තයා

ඔහු මේ දිනවල රිම් කොම්පැණියේ වැඩ භාර ගැනීමත් සමගම මවිසින් පටබඳින ලද අලංකෘත නාමය එයයි . " රිම් මහත්තයා " ...සැබවින්ම ගැලපෙනම නාමයයි .

මවිසින් බොහෝ අවස්ථාවන්වල , මහපාරේදී පවා දේශනා කරන ලද  " රිම් එකෙන් නොයෑමට වග බලා ගත යුතු අත්‍යාවශ්‍ය කරුණු "  හරි අපූරුවට ‍බේරෙ වැවට විසි කර දමා ගෙදර යන ඔහු පෙරටත් වඩා ආතල් එකේ රිම් එකෙන්ම නැවත පැමිණෙයි .

අවසානයේදී දරුණු ලෙස යුධ වැදුණු මාගේ දේශනාත් ඔහුගේ රිම් තියරියත් හේතුවෙන් මේ වන විට දියත් කර ඇති සටන් විරාම ගිවිසුම නුදුරු දිනයකදීම අහෝසි වීමට නියමිතය .

ඒ, මේ පණ්ඩිත රිම් මහත්තයාගේ රිම් එකෙත් කෑලි ගැලවීගෙන යද්දී මා හට ටයර් පිට ටයර් ලබාදීමේ දැඩි ස්ථාවරයක ඔහු එල්බ ගැනීම නිසාවෙනි .පණ්ඩිතකම අති උත්කර්ෂවත්.ලෙස ප්දර්ශනය කරනවා මදිවාට , එතෙක් මාගේ සියලු දේශනාද තාවකාලිකව නතර කරන මෙන්  ඔහුගේ රිම් උසාවියෙන් හදිසි වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත .

ඉදින් කිසිවෙකුට තේරෙණු ඇතැයි මා බලාපොරොත්තු නොවන මේ කතාන්දරයේ ඊළග කොටස තෙක් රිම් මහත්තයා හොම්බ ඇන ගත්තද ආතල් එකේ රිම් එකෙන්ම යනු ඇත !

 ----සදුනිකා නුවන්දි රත්නායක---

Thursday, August 6, 2015

ප්‍රතිපත්ති ප්‍රකාශන


මේ වන විට මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ,සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වා ඇත.ඇතැම්විට දේශපාලන පක්ෂ ඒවා එලි දක්වන්නේ තමන්ට ප්‍රතිපත්තිමය දේශපාලන ගමනක් තිබෙන බව ජනතාවට ඒත්තු ගැන්වීමටය .සෝබනයට එසේ එලි දක්වා හැරෙන පමාවෙන් ඒවා අමතක කරන නායකයෝද ඕනෑ තරම්ය .

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යනු නමට පමණක් උත්සවාකාරයෙන් එළිදක්වන්නක් නොවේ .එතුල පක්ෂයක අනන්‍යතාවයත් ,රටක අනාගතයත් සටහන්වී තිබේ .මේ පිලිබදව වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ ජනතාවයි . එයට හේතුව වන්නේ ,ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් හෙළිවන්නේ පක්ෂයක දිගු කාලින දැක්ම වුවද එසේ සදහන් වන සියලු තීරණ බලපාන්නේ ජනතාවට වන බැවිනි .

''අනාගතයට සහතිකයක් '' වුවද , '' පංචවිධ බලවේගය ''  වුවද ,නැතහොත් ''හෘද සාක්ෂියේ සම්මුතිය '' වුවද සිහි බුද්ධියෙන් කියවිය යුත්තේ සිහිතබාගත යුත්තේ එහෙයිනි .පාලකයන් ප්‍රතිපත්ති අමතක කරන විට ඒවා සිහි කැදවන්නට ජනතාව අවධියෙන් සිටීම අහිශයෙන්ම වැදගත්ය .එයට පක්ෂ පාට  භේදයක් අදාල වන්නේ නැත .
    


                                                         ------  සඳුනිකා රත්නායක -----

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...