අටුව

Tuesday, July 21, 2015

කවි අටුව

විහග රාවෙට
සිසිල් පවනට
නුඹෙ නුවන්යුග සැලෙනවා

මදෙස බැලුවිට
දෙනෙත හෙමිහිට
දොඩමළුව දිලෙනවා

දෙතොලෙ පොපියන
සසත් රාවය
සුළග මවෙතට ගේනවා

නමුත් සිත මත
රගන සිතුවිලි
සිත තුලම මියෙනවා.

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...