අටුව

Tuesday, July 21, 2015

කවි අටුව

ක්ෂිතිජ ඉම වෙත පියමනින්නම්
නබෝ ගැබ සයුරු තෙර
එකතු වෙන හැටි බලාඉන්නම්............

විසල් වනයක සැගව ඉන්නම්
හිරු කිරණ තුරුලතා
සිපගන්න හැටි බලාඉන්නම් ...............

සිහිල් වැස්සක තෙමෙන්නම්
වැහි බිංදු මදනලට
පෙම් කරන හැටි බලාඉන්නම් .............

අතරමඟ මම නතරවෙන්නම්
නුඹේ සිතුවිලි මගේ හද මත
නතරවෙනතුරු බලාඉන්නම් .............!

                                        - සදූ-

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...